file
ඊයේ (25) අලුයම 2ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේ R.11.1 කිලෝමීටර් කණුව අසල සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ද ජීවිතක්ෂයට පත්වුණා.
ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී අනතුර සිදුව තිබුණා.
අමාත්‍යවරයා ගමන්ගත් රථය පැදවූ රියදුරු එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසියට කරුණු හෙළි කර තිබෙනවා.
ඒ අනුව ඔහු පවසා ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ දී අමාත්‍යවරයාට නින්ද ගොස් සිටි බවත් පුළුවන් තරම් ඉක්මනට කොළඹ බලා යන අදහසින් ඒ වන විට මෝටර් රථය ධාවනය කරමින් සිටි බවයි.
එහිදී ඔහු මෙලස පොලිසියට පවසා ඇති බව වාර්තා වෙනවා.
“හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා.”
මේ අතර විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිලෝමීටර 160 ඉක්මවූ වේගයෙන් ධාවනය කර ඇති බව මාධ්‍ය වාර්තා පළවෙනවා.
අනතුරින් අමාත්‍යවරයාගේ හිසට සහ දකුණු කකුලට බරපතළ හානි සිදුව තිබුණා.
ඒ මහතා ගමන් කළ ජීප් රථයට අනතුරින් හානි සිදුව තිබුණේ මේ ආකාරයට යි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…