දේශීය

සනත් නිශාන්ත සිටි ජිප් රථය ගිය වේගය..

ඊයේ (25) අලුයම 2ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේ R.11.1 කිලෝමීටර් කණුව අසල සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ද ජීවිතක්ෂයට පත්වුණා.

ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී අනතුර සිදුව තිබුණා.

අමාත්‍යවරයා ගමන්ගත් රථය පැදවූ රියදුරු එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසියට කරුණු හෙළි කර තිබෙනවා.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ දී අමාත්‍යවරයාට නින්ද ගොස් සිටි බවත් පුළුවන් තරම් ඉක්මනට කොළඹ බලා යන අදහසින් ඒ වන විට මෝටර් රථය ධාවනය කරමින් සිටි බවයි.

එහිදී ඔහු මෙලස පොලිසියට පවසා ඇති බව වාර්තා වෙනවා.

“හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා.”

මේ අතර විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිලෝමීටර 160 ඉක්මවූ වේගයෙන් ධාවනය කර ඇති බව මාධ්‍ය වාර්තා පළවෙනවා.

අනතුරින් අමාත්‍යවරයාගේ හිසට සහ දකුණු කකුලට බරපතළ හානි සිදුව තිබුණා.

ඒ මහතා ගමන් කළ ජීප් රථයට අනතුරින් හානි සිදුව තිබුණේ මේ ආකාරයට යි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

20 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago