ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 633 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 322 ක් සමගින් මුළු සැකකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 633 දෙනා අතරින් සැකකරුවන් 07ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනවා.
නීති විරෝධී වත්කම් විමර්ශන 03 ක් ක්‍රියාත්මක අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 17 ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 28 ක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 322 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 42 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 243 ක්ද වන බව පොලිසිය සඳහන් කළා.
ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 23 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 14 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීම් වලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,
හෙරොයින් 187g
අයිස් 126g
ගංජා 14 kg 700 g
ගංජා පැල 28,277
මාවා 148 g
මදන මෝදක 102 g
මත්පෙති 136


