Monday, April 20, 2026
Homeදේශීයතමන් 'විශ්ව බුද්ධ' කියපු විමලබුද්ධි හිමි ගැන මහා නායක හිමිගෙන් තීරණයක්

තමන් ‘විශ්ව බුද්ධ’ කියපු විමලබුද්ධි හිමි ගැන මහා නායක හිමිගෙන් තීරණයක්

තමන් විශ්ව බුද්ධ බව පවසමින් බුදු දහමට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය හරහා ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිකුත් කිරීම සම්බන්ධයෙන් යළි අත්අඩංගුවට ගත් පූජ්‍ය රත්නපුරේ විමලබුද්ධි හිමි සම්බන්ධයෙන් රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතික තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව එම සංඝ සභාව තීරණය කර ඇත්තේ අදාළ සිද්ධීන්ට සම්බන්ධ පූජ්‍ය රත්තපුරේ විමලබුද්ධි හිමි නිකායෙන් සහ ශිෂ්‍ය භාවයෙන් නෙරපීමට යි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නි හිමි විසින් මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා වෙත දැනුම් දී තිබෙනවා.

file

එහිදී අදාළ හිමියන්ගේ සාමණේර ලේඛණයත් උපසම්පදා ලේඛණයත් අවලංගු කිරීමට සටහන් කර ඇති බව සඳහන්.

file
READ:   BREAKING NEWS: විදුලි ගාස්තු පහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්