දේශීය

නායකත්වය, තීරණ ගැනීමේ හැකියාව හා සාමූහික වගකීම තුළින් ඵලදායි රාජ්‍ය සේවයක් උදෙසා එළිමහන් ප්‍රායෝගික පුහුණුවක්

ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශ නිළධාරීන්ගේ නායකත්වය හා විවිධ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් එළිමහන් පුහුණු වැඩසටහනක් පසුගියදා කුකුලේගඟ ලයා ලෙෂර් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විය.

file

කාර්යාංශ කාර්ය මණ්ඩලයේ දැනුම හා කුසලතා වර්ධනය උදෙසා ආයතනයේ පරිපාලන හා මානව සම්පත් අංශය මගින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන වෙනත් පුහුණු වැඩසටහන් වලට වඩා සුවිශේෂි පුහුණුවක් විය.

file

කාර්යාලීය කටයුතු වලින් බැහැරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වූ මෙම වැඩසටහන මගින් නායකත්ව පුහුණුව, තීරණ ගැනීමේ හැකියාවන් වර්ධනය කරගැනීම, සාමූහිකව කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමෙන් සමස්ථ ආයතනය ජයග්‍රහණය කරා ගෙනයාම ආදී විවිධ කුසලතාවන් වර්ධනය කරගැනීමට අවශ්‍ය නවමු අත්දැකීම් සමූහයක් කාර්යාංශ නිළධාරීන් හට අත්විඳගැනීමට අවස්ථාව සැලසිණි.

file

මහජනතාව වෙත ගුණාත්මක සේවාවක් ලබාදීමේ අපේක්ෂාවෙන් කාර්යාංශ පරිපාලන හා මානව සම්පත් අංශය මගින් කාර්ය මණ්ඩලයේ දැනුම හා හැකියාවන් වර්ධනය කිරීම උදෙසා වාර්ෂිකව පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබයි.

file

එළිමහන් පුහුණු වැඩසටහනේ ආරම්භක වැඩසටහන ලෙස පැවැත්වුණු මෙම වැඩසටහනට නිළධාරීන් 80 දෙනෙකු සහභාගී වූ අතර ඉදිරි සති කිහිපයේදී සෙසු කාර්ය මණ්ඩලය වෙතද මෙම පුහුණුව ලබාදීමටද කටයුතු සූදානම් කර ඇත.

file
file

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago