දේශීය

BREAKING: Face Book, You Tube, Google, X, ලංකාව සමඟ ගණුදෙනු නවතා දමයි!!

යූ ටියුබ්, ෆේස්බුක් සමාගම් ලංකාවේ රාජ්‍ය ආයතන සමග දැනට ඇති සියලු සම්බන්ධතා ජනවාරි 24 වෙනිදායින් පසු නවතා දමන බව මෙම ආයතන ආණ්ඩුවට දන්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි .

ඒ අනුව යූ ටියුබ්, ෆේස්බුක්, ගූගල්, එක්ස් ඇතුළු සියලු සමාජ මාධ්‍ය සමාගම් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සර්ට් ආයතනය, ජනාධිපති කාර්යාලය සහ විදුලි සංදේශ නියාමන කොමිසම ඇතුළු රාජ්‍ය ආයතන සමග පවත්වන සබඳතා මේ වන විටත් අවම කර ඇතැයි පැවසේ.

ආණ්ඩුව විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඔන්ලයින් ආරක්ෂණ පනත 24 දා සම්මත වීමෙන් පසු රට තුළ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සැකසෙන බැවින් මෙම සමාගම් රාජ්‍ය ආයතන සමග ගණුදෙනු කිරීමෙන් ඉවත් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් විදුලි සංදේශ නියාමන කොමිසමේ සබඳතාව මේ වනවිටත් ඇණහිට ඇති අතට එය මේ ක්‍රියාදාමයේම කොටසක් දැයි පැහැදිලි නැති බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් අපට පැවසීය.

කෙසේ වෙතත් මේ ක්‍රියාමාර්ගය නිසා පොලීසිය, සර්ට් ආයතනය වැනි රාජ්‍ය ආයතනවල දැනටමත් කෙරෙන ඔන්ලයින් අපරාධ පරීක්ෂණ ඇණ හිටෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago