file
විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට එරෙහිව පසුගියදා විරෝධතාවයේ නිරත වූ විදුලි සේවකයින් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
විරෝධතාවය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මුදල් කවුළු වසා දැමීම තුළ පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා පැමිණ තිබූ බව එම මණ්ඩලය පෙන්වා දෙනවා.
ඒ හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරමින් සහ නීත්‍යානුකූල නොවන පරදි විරෝධතාවයට සේවකයින් සම්බන්ධ වී ඇත්නම් ඔවුන්ගේ සේවය තහනම් කර දැඩි විනය පියවර ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය වෙත පසුගිය දා දන්වා තිබුණා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…