Thursday, September 10, 2026
HomeදේශීයBREAKING NEWS: වර්ජනයට ගිය විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කෙරේ.

BREAKING NEWS: වර්ජනයට ගිය විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කෙරේ.

විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට එරෙහිව පසුගියදා විරෝධතාවයේ නිරත වූ විදුලි සේවකයින් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

විරෝධතාවය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මුදල් කවුළු වසා දැමීම තුළ පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා පැමිණ තිබූ බව එම මණ්ඩලය පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරමින් සහ නීත්‍යානුකූල නොවන පරදි විරෝධතාවයට සේවකයින් සම්බන්ධ වී ඇත්නම් ඔවුන්ගේ සේවය තහනම් කර දැඩි විනය පියවර ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය වෙත පසුගිය දා දන්වා තිබුණා.

READ:   සෞඛ්‍ය අදත් වැඩවර්ජනයේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්