file
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 09 කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14යි පන්දු එකක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 82ක් පමණයි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 15 කට කඩුලු 04ක් බිඳ දැමුවා.
ඇන්ජිලෝ මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 02 බැගින් දවා ගත්තා.
සිම්බාබ්වේ වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා වූ Brain Bennet පන්දු 12 කින් ලකුණු 29ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 88ක් ලබා තරගය ජය ගත්තා.
පැතුම් නිස්සංක නොදැවී ලකුණු 39 (23) යි. කුසල් මෙන්ඩිස් ලකුණු 33 (27) සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 15ක් රැස් කළා.
ඒ අනුව 2ට එකක් ලෙස තරගාවලියේ ජය ශ්‍රී ලංකාව සතුකර ගත්තා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…