file
වතුකරයේ ඉඩම් අහිමි ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් රුපියල් බිලියන 14කට වැඩි මුදලක් රජය වෙන් කර ඇතැයි වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු ජනතාව සඳහා ඉඩම් කැබැල්ලක් හා නිවසක් ලබාදීමට පියවර ගෙන ඇති බවත් ඉඩම් හිමිකම වෙනුවෙන් රුපියල් බිලියන 04ක මුදලක් වෙන් කොට ඇති බවත් ඒ මහතා සඳහන් කළා
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක් සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර ඇති බව පැවසු මාත්‍යවරයා, ඒ යටතේ වතු නිවාස දස දහසක් ඉදිකිරීමට නියමිත බව පැවසුවා.
තේ වතු ආශ්‍රිත කන්ද උඩරට සංචාරක ව්‍යාපාරය යළි ස්ථාපිත කළ යුතු බවත් එමෙන්ම නව විශ්ව විද්‍යාලයක් උඩරට ඉදිකිරීමට සැලසුම් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙම අදහස් පළ කළේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…