දේශීය

විදුලි බිලත් එක්ක ජල ගාස්තුව පහළට

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

විදුලි බිල පහත දැමීමට සමගාමීව ජල ගාස්තු අඩු කිරීමට හැකි මිල සූත්‍රයක් පිළිබඳව ජාතික ජල සම්පාදන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශකයන් සමඟ සාකච්ඡා කොට මෙම මිල සූත්‍රය සකස් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

විදුලිබල අමාත්‍යවරයා ලබන මාසයේදී විදුලි බිල අඩු කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති අතර ඊට සමගාමීව ජල ගාස්තු ද පහළ හෙළීමට හැකි බව ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ජල පර්යේෂණ හා තාක්ෂණ ආයතනයේ පැවති සාකච්ඡාවකදී.

එම ආයතනයේ සම්බන්ධීකරණයෙන් මහජනතාව සඳහා සෞඛ්‍යමත් පරිපූර්ණ පානීය ජලය ලබාදීම, පර්යේෂණ විධිමත් කිරීම සහ අපජල ප්‍රවාහනය විධිමත් කිරීම යන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා වුණා.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

2 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

2 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

12 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

12 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

12 hours ago