file
හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ CCTV කැමරා පද්ධතීන් සවි කිරීමට නියමිත බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවා.
පොදු මගී ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවන්ට සිදුවන හිංසන කැමරා සවිකිරීම තුළින් යම් ප්‍රමාණයකට අඩු වෙතැයි අප අපේක්ෂා කරන බවත් ඒ අනුව මෙම යෝජනාව වගකිවයුතු පාර්ශව වෙත යොමු කිරීමට අවධානය යොමු කරන බවත් ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළා.
ඒ අනුව මගී ප්‍රවාහන සේවා බස් රථ සඳහා ලබා දෙන වාර්ෂික බලපත්‍රයේ බලපත්‍ර කොන්දේසියක් ලෙස කැමරා සවි කිරීම ඇතුළත් කිරීමට අවධානය යොමුව තිබෙනවා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…