file
ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බවත් ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එම වැඩපිළිවෙළ ජාතික ආර්ථිකයට මෙන්ම ක්ෂේත්‍රයේ නියැළි සිටින සියලුදෙනාට සෙත සැලසෙන වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ යටතේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කෙරෙන බවද සඳහන් කළා.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීමට නම් බදු සහන ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර මෙරටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස එය දියුණු කළයුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ චීනකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ සංගමය විසින් සංවිධානය කළ “Gem Sri Lanka 2024” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ එක් වෙමින්.
බෙන්තොට සිනමන් බේ හෝටලයේ පැවත්වෙන මෙම ප්‍රදර්ශනය ජනවාරි 13 වැනිදායින් අවසන් වෙනවා.
ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි වෙළෙඳ කුටි නිරීක්ෂණය කිරීමටද එක් වූ අතර මැණික් කර්මාන්තකරුවන්ගේ ගැටලු විමසමින් ඔවුන් සමඟ සුහද කතා බහක ද නිරත වුණා.
චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් මෙහි දී ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වුවා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…