file
සමගි ජන බලවේගය විසින් පුළුල් සන්ධානයක් ගොඩනගන්නේ කිසිවකුට ඇමතිකම් තනතුරු ලබා දීමට නොව ඔවුන්ගේ යහපත් ප්‍රතිපත්ති, ජනතා සේවය අනුව බවත් එය වැරදියට අර්ථකථනය කරමින් රජයට සම්බන්ධ ඇතැම් මාධ්‍ය කණ්ඩායම් මුදල් ලබා ගෙන වැරදි ප්‍රචාර ගෙන යමින් ජනතාව ඇන්දවීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පවසනවා.
සමගි ජන බලවේග රජයක් තුළ කිසිදු ඇමතිවරයකුට සුර සැප විදිය නොහැකි බවත් ඔවුන් අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරමින් ජනතාවට පරාර්ථකාමී සේවාවක් ඉටු කළ යුතු බවත් අනවශ්‍ය ලෙස රට යවාරි යැම වැනි සුපුරුදු විනෝදාංශ ඔවුන්ට සිදු කළ නොහැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.
මේ නිසා ඇමතිකම් එපා වේද කියා සැකයක් මතු වුවත් රට ගොඩ නගන්න නම් එවැනි කැපකිරීමක් සිදු කළ යුතු බව ඒ මහතා පැවසුවා.
ඒ අනුව විපක්ෂ නායකවරයා කියා සිටියේ තමා ඇතුළු පිරිස සන්ධාන ඇති කර ගන්නේ ඔලු ගෙඩි සෙල්ලමට හෝ සුපිරි හෝටල්වල සිට මුදල් බෑග් හුවමාරු කර ගනිමින් ගජමිතුරු ධනවාදය ක්‍රියාත්මක කිරීමට නොව මහජන සේවය අරමුණු කරගෙන බව යි.
අද (1) විපක්ෂ නායක කාර්‍යාලයේදී දකුණු පළාතේ හිටපු මහ ඇමති මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගයට සහය පළ කිරිමට පැමිණි අවස්ථාවේ දී ඔහු මෙම අදහස් පළ කළා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…