දේශීය

රජයේ හෙංචයියෝ කියනවා වගේ අපි ගාව ඔලුගෙඩි සෙල්ලම් නෑ. අපි සන්ධාන ගත වෙන්නේ මහජන සේවයට – සජිත්

සමගි ජන බලවේගය විසින් පුළුල් සන්ධානයක් ගොඩනගන්නේ කිසිවකුට ඇමතිකම් තනතුරු ලබා දීමට නොව ඔවුන්ගේ යහපත් ප්‍රතිපත්ති, ජනතා සේවය අනුව බවත් එය වැරදියට අර්ථකථනය කරමින් රජයට සම්බන්ධ ඇතැම් මාධ්‍ය කණ්ඩායම් මුදල් ලබා ගෙන වැරදි ප්‍රචාර ගෙන යමින් ජනතාව ඇන්දවීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

සමගි ජන බලවේග රජයක් තුළ කිසිදු ඇමතිවරයකුට සුර සැප විදිය නොහැකි බවත් ඔවුන් අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරමින් ජනතාවට පරාර්ථකාමී සේවාවක් ඉටු කළ යුතු බවත් අනවශ්‍ය ලෙස රට යවාරි යැම වැනි සුපුරුදු විනෝදාංශ ඔවුන්ට සිදු කළ නොහැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.

මේ නිසා ඇමතිකම් එපා වේද කියා සැකයක් මතු වුවත් රට ගොඩ නගන්න නම් එවැනි කැපකිරීමක් සිදු කළ යුතු බව ඒ මහතා පැවසුවා.

ඒ අනුව විපක්ෂ නායකවරයා කියා සිටියේ තමා ඇතුළු පිරිස සන්ධාන ඇති කර ගන්නේ ඔලු ගෙඩි සෙල්ලමට හෝ සුපිරි හෝටල්වල සිට මුදල් බෑග් හුවමාරු කර ගනිමින් ගජමිතුරු ධනවාදය ක්‍රියාත්මක කිරීමට නොව මහජන සේවය අරමුණු කරගෙන බව යි.

අද (1) විපක්ෂ නායක කාර්‍යාලයේදී දකුණු පළාතේ හිටපු මහ ඇමති මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගයට සහය පළ කිරිමට පැමිණි අවස්ථාවේ දී ඔහු මෙම අදහස් පළ කළා.

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

21 hours ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

1 day ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

1 day ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

2 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

2 days ago