දේශීය

යළි සුනාමි අවදානමක්?

35,000කට ආසන්න ජීවිත ගණනක් බිලිගත් සුනාමි ඛේදවාචකය සිදුව හෙට ට 19 වසරක් ගතවනවා.

2004 දෙසැම්බර් 26 වනදා උදම් රළ රටට කඩා වැදීම සිදුවූයේ උඳුවප් පුර පසළොස්වක පෝහොය දිනකයි.

ඒ අනුව සුනාමී ඛේදවාචකයෙන් පසු වසර 19ක් ගතවන හෙට (26) දිනයේ ද පළමු වතාවට උඳුවප් පොහෝ දිනය යෙදී තිබෙනවා.

අද නත්තලත් හෙට උඳුවප් පොහොය දිනයත් එදා 2004 සුනාමි ව්‍යවසනය සිදුවූ දින වකවානු අනුවම යෙදී තිබීම ජනතාව අතර අවධානයට ලක්ව තිබෙනවා.

ඒ අනුව එලෙස දිනයන් යෙදී තිබුණත් විද්‍යාත්මක පසුබිමක් තුළ එවැනි සුනාමි අවදානමක් ඇති වීමේ කිසිදු ඉඩක් නැති බව කාලගුණ විද්‍යා බලධාරීන් පැවසුවා.

විද්‍යාත්මක පසුබිමක් නොමැතිව සුනාමියක් ඇතිවේ යැයි පුරෝකථනයක් හෝ පූර්ව දැනුම්දීමක් සිදු කළ නොහැකි බව අපදා කළමණාකරන ඒකකය සඳහන් කළා.

සුනාමි උවදුරක් ඇතිවුවහොත් ගත යුතු සියලු ක්‍රියාමර්ගයන් ගැන සූදානමින් සිටින බවයි අපදා කළමණාකරන ඒකකයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුදත්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේ.

මේ අතර හදිසි සුනාමි තත්ත්වයකදී ක්ෂණිකව දැනුම් දෙන නාද මාලාවක් සහිත දුරකථන මෘදුකාංග සේවාවාක් හඳුන්වා දීමට නියමිත බවත් එය හෙට පෙරවරුවේ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසුවා.

එම දුරකථන ඇප්ලිකේෂනය හෙට සිට ජංගම දුරකථනයට බාගත කර ගැනීමේ හැකියාව පවතිනවා.

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

17 hours ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

21 hours ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

21 hours ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

2 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

2 days ago