දේශීය

කෙහෙළිය දන්නෑ කියයි! සමූහ ඝාතනයක්, එන්නත් මිනිස්සුන්ට විදලා මහමොළකරුවෝ නිදැල්ලෙ බවට චෝදනා

නිසි ප්‍රමිතියෙන් හා අනුමැතියකින් තොරව ව්‍යාජ හියුමන් ඉමියොනෝග්ලෝබියුලින් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළිත් වරක් ප්‍රතික්ෂේප කර සිටිනවා.

ඒ ඊයේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්.

බරපතළ ස්නායු රෝගීන් සඳහා බහුලව භාවිතා කරන මෙම එන්නත් තොගය දේශීය සමාගමක් හරහා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට අපරාධ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අධිකරණයේ නඩු කටයුත්තක් ද සිදුවනවා.

මිලදී ගෙන ඇති එන්නත් කුප්පි 3985කින් 2985ක් පසුගිය කාලයේ රෝගීන් සඳහා ලබා දී ඇති බවත් එම එන්තත් ව්‍යාජ ඒවා බවත් සමාගම නිසි අනුමැතියකින් තොරව නිෂ්පාදනය කර සපයා ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඇතුලු 6 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.

එම ඖෂධ මිලදී ගැනීම සමූහ ඝාතනයක් බවත් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ලේකම් එම වංචාවේ මහමොළකරුවා නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙනවා.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම මහ පරිමාණ ඖෂධ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.

ඊයේ මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් තමන් එවකට පැමණිලි කර ඇති බවයි.

එම ගණුදෙනුවට අදාළ ගෙවීම් කොටසක් ගෙවන්න එපා යැයි තමන් කට වචනයෙන් ප්‍රකාශ කළ බවත් පසුව ලිඛිතව ප්‍රධානීන් දැනුවත් කළ බවත් ඔහු පවසනවා.

ඒ අනුව තම රාජකාරී අකුරට ඉටුකර ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

අදාළ දර්ශන පහතින්,

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

11 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

12 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago