නිසි ප්‍රමිතියෙන් හා අනුමැතියකින් තොරව ව්‍යාජ හියුමන් ඉමියොනෝග්ලෝබියුලින් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළිත් වරක් ප්‍රතික්ෂේප කර සිටිනවා.
ඒ ඊයේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්.
බරපතළ ස්නායු රෝගීන් සඳහා බහුලව භාවිතා කරන මෙම එන්නත් තොගය දේශීය සමාගමක් හරහා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට අපරාධ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අධිකරණයේ නඩු කටයුත්තක් ද සිදුවනවා.
මිලදී ගෙන ඇති එන්නත් කුප්පි 3985කින් 2985ක් පසුගිය කාලයේ රෝගීන් සඳහා ලබා දී ඇති බවත් එම එන්තත් ව්‍යාජ ඒවා බවත් සමාගම නිසි අනුමැතියකින් තොරව නිෂ්පාදනය කර සපයා ඇති බවත් අනාවරණය වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඇතුලු 6 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.
එම ඖෂධ මිලදී ගැනීම සමූහ ඝාතනයක් බවත් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ලේකම් එම වංචාවේ මහමොළකරුවා නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙනවා.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම මහ පරිමාණ ඖෂධ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.
ඊයේ මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් තමන් එවකට පැමණිලි කර ඇති බවයි.
එම ගණුදෙනුවට අදාළ ගෙවීම් කොටසක් ගෙවන්න එපා යැයි තමන් කට වචනයෙන් ප්‍රකාශ කළ බවත් පසුව ලිඛිතව ප්‍රධානීන් දැනුවත් කළ බවත් ඔහු පවසනවා.
ඒ අනුව තම රාජකාරී අකුරට ඉටුකර ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.
අදාළ දර්ශන පහතින්,


