දේශීය

උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා

එළඹෙන නත්තල සහ උත්සව සමය වෙනුවෙන් අද (22) සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

මේ අතර උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද හෙට (23) සිට ආරම්භ කරන බවයි දුම්රිය සමාන්‍යාධිකාරී ගමනාගමන එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ.

මීට අමතරව කොළඹ කොටුව සහ බදුල්ල අතරත් කොළඹ කොටුව සහ මහනුවර අතරත් විශේෂ දුම්රිය සේවාවක් අද (220 සිට ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළේ.

එහිදී,

22 වනදා කොළඹ කොටුවෙන් රාත්‍රී 7.30ට බදුල්ල ට විශේෂ දුම්රියක්.

(22) බදුල්ල සිට කොළඹට සවස 5.20ට විශේෂ දුම්රියක්.

23 , 25, 27, 29 දිනවල උදෑසන 7.30 ට කොළඹ කොටුවෙන් බදුල්ලට විශේෂ දුම්රියක්.

මහනුවර සිට බදුල්ලට 23 සහ 25 වනදා උදෑසන 7.00ට විශේෂ දුම්රියක්.

වශයෙන් දුම්රියන් ධාවනය කෙරේ.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

7 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago