file
අසනීප වී මේ වන විට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන චාමර වීරසිංහගේ පවුලේ ඥාතීන් ඉල්ලීමක් කරනවා.
ඒ චාමර වීරසිංහගේ නිල ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින්.
එහි දැක්වෙන්නේ චාමරගේ සුවදුක් බැලීම සඳහා මේ වන විටත් අතිවිශාල පිරිසක් කළුබෝවිල රෝහලට පැමිණෙන නිසා රෝහලේ ඇතිවෙන අපහසුතාව සලකා මේ දින කිහිපයේ චාමර බැලීමට රෝහලට පැමිණීමෙන් වළකින ලෙස ආදරණීය රසික සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි.
චාමර වීරසිංහ මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ අසනීප තත්ත්වය ගැන සියලුදෙනා දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් එහි සඳහන්.
එම සටහන පහතින්,
මේ අතර චාමර වීරසිංහ බැලීමට අවස්ථාව සියලුදෙනාට ලබා නොදෙන බවත් රෝහල තුළ තත්ත්වය සලකා චාමර වීරසිංහ බැලීමට ඔහුගේ ඥාතීන් කිහිපදෙනෙකුට පමණක් අවස්ථාව ලබා දී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග මීට පෙර පවසා තිබුණා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…