file
අසනීප වී මේ වන විට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන චාමර වීරසිංහගේ පවුලේ ඥාතීන් ඉල්ලීමක් කරනවා.
ඒ චාමර වීරසිංහගේ නිල ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින්.
එහි දැක්වෙන්නේ චාමරගේ සුවදුක් බැලීම සඳහා මේ වන විටත් අතිවිශාල පිරිසක් කළුබෝවිල රෝහලට පැමිණෙන නිසා රෝහලේ ඇතිවෙන අපහසුතාව සලකා මේ දින කිහිපයේ චාමර බැලීමට රෝහලට පැමිණීමෙන් වළකින ලෙස ආදරණීය රසික සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි.
චාමර වීරසිංහ මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ අසනීප තත්ත්වය ගැන සියලුදෙනා දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් එහි සඳහන්.
එම සටහන පහතින්,
මේ අතර චාමර වීරසිංහ බැලීමට අවස්ථාව සියලුදෙනාට ලබා නොදෙන බවත් රෝහල තුළ තත්ත්වය සලකා චාමර වීරසිංහ බැලීමට ඔහුගේ ඥාතීන් කිහිපදෙනෙකුට පමණක් අවස්ථාව ලබා දී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග මීට පෙර පවසා තිබුණා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…