Wednesday, January 7, 2026
HomeදේශීයUPDATE: චාමරගේ පවුලෙන් ඉල්ලීමක්

UPDATE: චාමරගේ පවුලෙන් ඉල්ලීමක්

අසනීප වී මේ වන විට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන චාමර වීරසිංහගේ පවුලේ ඥාතීන් ඉල්ලීමක් කරනවා.

ඒ චාමර වීරසිංහගේ නිල ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින්.

එහි දැක්වෙන්නේ චාමරගේ සුවදුක් බැලීම සඳහා මේ වන විටත් අතිවිශාල පිරිසක් කළුබෝවිල රෝහලට පැමිණෙන නිසා රෝහලේ ඇතිවෙන අපහසුතාව සලකා මේ දින කිහිපයේ චාමර බැලීමට රෝහලට පැමිණීමෙන් වළකින ලෙස ආදරණීය රසික සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

චාමර වීරසිංහ මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ අසනීප තත්ත්වය ගැන සියලුදෙනා දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් එහි සඳහන්.

එම සටහන පහතින්,

file

මේ අතර චාමර වීරසිංහ බැලීමට අවස්ථාව සියලුදෙනාට ලබා නොදෙන බවත් රෝහල තුළ තත්ත්වය සලකා චාමර වීරසිංහ බැලීමට ඔහුගේ ඥාතීන් කිහිපදෙනෙකුට පමණක් අවස්ථාව ලබා දී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග මීට පෙර පවසා තිබුණා.

READ:   BREAKING NEWS: රටම කතාවෙන හදවතේ ගායකයාට මොකද වුණේ? චාමර ගැන ප්‍රථම වරට ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්