ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වන විට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
ඒ මහතා බැලීමට වෙනත් භාහිර කිසිඳු පුද්ගලයෙකුට අවසර නොලැබෙන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
රෝගීව සිටින පුවත ආරංචීවිමත් සමග චාමර වීරසිංහ මහතාගේ රසිකයින් බොහෝ පිරිසක් ඒ මහතා බැලීමට රෝහල කරා පැමිණ තිබුණා.
ඒ අනුව ඒ මහතාගේ ලඟම ඥාතීන්ට පමණක් ඔහු බැලීමට අවසර ලබා දෙන බවයි රෝහල පවසන්නේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් චාමර වීරසිංහ මහතා මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණා.


