දේශීය

සිරකරුවන් නිරීක්ෂණයට විශේෂ පද්ධතියක්

විශේෂිත සිරකරුවන් ප්‍රවාහනය කරන බන්ධනාගාර බස් රථ සඳහා ආරක්ෂක කැමරා පද්ධතියන් සවි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ආරක්ෂක විධිවිධාන තර කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී.දිසානායක මහතා සඳහන් කළේ.

බන්ධනාගාර තුළින් රැඳවියන් බැහැරට රැගෙන යාමේදී බස් රථ තුළ රැඳවියන් සහ නිලධාරීන් කටයුතු කරන ආකාරය නිරීක්ෂණය කිරීම ද මෙහි අරමුණක්.

ඇතැම් අවස්ථාවල බන්ධනාගාර බස් රථ තුළට පිටත සිට මත්ද්‍රව්‍ය විසිකරන අවස්ථා පවතින බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago