දේශීය

19 පහළ ආසියානු කුසලානය බංග්ලාදේශයට

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය දිනා ගැනීමට බංග්ලාදේශය අද(17) සමත් වුණා.

ඒ අවසන් තරගයේ දී එක්සත් ආරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම ලකුණු 195කින් පරාජය කරමින්.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ යෞවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 282ක් රැස් කළා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Ashiqur Rahman පන්දු 149කින් ලකුණු 129ක් රැස් කළා.

ඊට හයේ පහරක් සහ හතරේ පහර 12ක් ඇතුළත්.

පන්දු යැවීමේදී UAE වෙනුවෙන් Ayman Ahamed කඩුලු 04ක් බිඳ දැමුවා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 283ක ඉලක්කයක් හබා ගිය එක්සත් අරාබි කණ්ඩායම පන්දුවාර 24යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 87ක් පමණයි.

පන්දු යැවීමේදී Rohanat Doullah සහ Maruf Mridha කඩුලු 03 බැගින් දවා ගත්තා.

මේ අතර Sheikh සහ Iqbal Hossain කඩුලු 02 බැගින් බිඳ දැමුවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago