වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය දිනා ගැනීමට බංග්ලාදේශය අද(17) සමත් වුණා.
ඒ අවසන් තරගයේ දී එක්සත් ආරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම ලකුණු 195කින් පරාජය කරමින්.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ යෞවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 282ක් රැස් කළා.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Ashiqur Rahman පන්දු 149කින් ලකුණු 129ක් රැස් කළා.
ඊට හයේ පහරක් සහ හතරේ පහර 12ක් ඇතුළත්.
පන්දු යැවීමේදී UAE වෙනුවෙන් Ayman Ahamed කඩුලු 04ක් බිඳ දැමුවා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 283ක ඉලක්කයක් හබා ගිය එක්සත් අරාබි කණ්ඩායම පන්දුවාර 24යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 87ක් පමණයි.
පන්දු යැවීමේදී Rohanat Doullah සහ Maruf Mridha කඩුලු 03 බැගින් දවා ගත්තා.
මේ අතර Sheikh සහ Iqbal Hossain කඩුලු 02 බැගින් බිඳ දැමුවා.


