ක්‍රීඩා

භාරත විශිෂ්ටයාගේ ජර්සි අංක 07 ඉන්දීය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්වයි.

ඉන්දීය ක්‍රිකට් හිටපු නායක සුපිරි පිතිකරු මහේන්ද්‍ර සිං දෝණීගේ ජර්සි අංකය ඉන්දීය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ඒ මහේන්ද්‍ර සිං දෝණී වෙනුවෙන් එම ජර්සි අංකය වෙන් කිරීමත් සමඟයි.

ක්‍රිකට් ලෝක කුසලාන ඉන්දියාවට දිනා දුන් නායකයෙකු වීමත් දෝණි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ දායකත්වයත් වෙනුවෙන් උපහාරයක් වශයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව මහේන්ද්‍ර සිං දෝණී භාවිතා කළ ජර්සි අංකය වන අංක 7 සහිත ජර්සියක් ඉන්දීය කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට භාවිත කළ නොහැකියි.

දෝණී 2020 අගෝස්තු 15 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන වසර 3කට වැඩි කාලයක් ගතව තිබියදී යළි උපහාර ලැබීම විශේෂත්වයක්.

මීට පෙර ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් භාවිත කළ ජර්සි අංකය ද ඒ ආකාරයෙන් සුරක්ෂිත කිරීමට ඉන්දියාව කටයුතු කර තිබුණා. ඒ ජර්සි අංක 10යයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago