Saturday, June 6, 2026
Homeක්‍රීඩාභාරත විශිෂ්ටයාගේ ජර්සි අංක 07 ඉන්දීය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්වයි.

භාරත විශිෂ්ටයාගේ ජර්සි අංක 07 ඉන්දීය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්වයි.

ඉන්දීය ක්‍රිකට් හිටපු නායක සුපිරි පිතිකරු මහේන්ද්‍ර සිං දෝණීගේ ජර්සි අංකය ඉන්දීය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ඒ මහේන්ද්‍ර සිං දෝණී වෙනුවෙන් එම ජර්සි අංකය වෙන් කිරීමත් සමඟයි.

ක්‍රිකට් ලෝක කුසලාන ඉන්දියාවට දිනා දුන් නායකයෙකු වීමත් දෝණි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ දායකත්වයත් වෙනුවෙන් උපහාරයක් වශයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව මහේන්ද්‍ර සිං දෝණී භාවිතා කළ ජර්සි අංකය වන අංක 7 සහිත ජර්සියක් ඉන්දීය කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට භාවිත කළ නොහැකියි.

දෝණී 2020 අගෝස්තු 15 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන වසර 3කට වැඩි කාලයක් ගතව තිබියදී යළි උපහාර ලැබීම විශේෂත්වයක්.

මීට පෙර ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් භාවිත කළ ජර්සි අංකය ද ඒ ආකාරයෙන් සුරක්ෂිත කිරීමට ඉන්දියාව කටයුතු කර තිබුණා. ඒ ජර්සි අංක 10යයි.

READ:   මහේන්ද්‍ර සිං දෝනි: ටිකට්පත් පරීක්ෂකයකු ලෙස දිවිය ඇරඹි ක්‍රිකට් ලොව විශිෂ්ටතම තරඟ අවසන් කරන්නා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්