උත්සව සමයත් සමග වෙළඳපොළේ භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් තිබෙනවා.
බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ රජය බිත්තර ආනයනය නොකරන පසුබිමක යි.
ඒ අනුව පසුගියදා බිත්තරයක මිලක් රුපියල් 55ත් 65ත් අතර මිලකට අලෙවි වුණා.
ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද (13) සහ හෙට (14) දිනවල වෙළඳපොළට නිකුත් කරන බවත් එම බිත්තර සතොස හරහා මිල දී ගත හැකි බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසුවා.
මේ අතර කුකුළු මස් මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ලොකු ලූනූ මිලත් ඉහළ ගොස් ඇති අතර ලොකු ලූනූ කිලෝවක් 440කට අලෙවි වන බවයි වාර්තා වන්නේ.
බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් කෘෂිකර්මය අමාත්‍යවරයා අදහස් පල කළා.
කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යෑම කෘතීමව සිදු කර ඇති එකක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.
පාරිභෝගිකයින් ගසා කෑමට ඉඩ නොදෙන බවත් සතියක් තුළ මිල පාලනය නොකළොත් ඊට අවශ්‍ය පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා.


