වැට් බදු වැඩිකිරීමේ දී ඊට විරුද්ධ වූ පිරිස් වැට් බදු වැඩිකිරීම සම්මත වීමේ ප්‍රීතිය හෝටලයක් තුළ සමරා ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමාජ මාධ්‍ය තුළ තමන් වැට් එකට ඡන්දය නොදෙනවා යැයි පවසා නොපැමිණි පොදුජන පෙරමුණේ අයෙක් ද ඒ පාටියට සහභාගී වී ඇති බව ප්‍රේමදාස මහතා හෙළි කර සිටියා.
අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ වැට් ඡන්දයේ දී මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනතාව ගොන්නු යැයි සිතමින් දෙබිඩි රඟපෑමක යෙදුන බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැට් වැඩිකිරීමට පක්ෂව ඡන්දය දුන් බවත් නාමල් රාජපක්ෂ මහතා තම දේශපාලන අනාගතය ගැන හිතා ඊට ඡන්දය නොදී සිටී බවත් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියා.
විස්තර සහිත එම විඩියෝව පහතින්,


