file
මේ වන විට ක්‍රියාත්මක තැපැල් සේවක වර්ජනය පෞද්ගලික අංශයේ කුමන්ත්‍රණයක් බවට සැක කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.
වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
තැපැල් දෙපාර්තමේන්තුව දිගටම පාඩු ලබා මේ වසරේ අවසාන වන විට පාඩුව අවම කිරීමට කටයුතු කර ඇති බවත් තැපැල් සේවයට සමාන සේවය සිදු කරන පෞද්ගලිකව ආයතනවල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට සැක කරන බවත් අමාත්‍යවරයා පවසනවා.
නුවරඑළිය තැපැල් කාර්යාලය ආයෝජනයකට ලබා දෙනවා මිසක් විකිණීමක් සිදු නොකරන බවත් අදාළ කාරයාලය වෙනුවෙන් වෙනත් තැනැක් ලබා දෙන බවත් ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
ආදාළ තැපැල් වෘත්තීය සමිති සමග විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමන් සාකච්ඡා කර ඔවුන්ගේ සියලු අභ්‍යන්තර ගැටලු විසඳා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
නුවරඑළිය තැපැල් කාර්යාලය ලබා දීමට එරෙහිව සහ වැටුප් 20,000ක් වැඩි කරන ලෙස තැපැල් සේවකයින් කරන ඉල්ලීම දෙකම ප්‍රතිපත්තිමය කාරණා බව අමාත්‍යවරයා පවසනවා.
මහනුවර තැපැල් කාර්යාලයක් පෞද්ගලික අංශයකට ලබා දීමක් ගැන මෙතෙක් තීරණය කර නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…