Saturday, August 15, 2026
Homeදේශීයවැටුප් ඉල්ලා රාජ්‍ය සේවකයින් අද දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක

වැටුප් ඉල්ලා රාජ්‍ය සේවකයින් අද දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක

රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස ඉල්ලා අද (12) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රාජ්‍ය හා පළත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන මෙම එක්දින වැඩ වර්ජනයට වෘත්තීය සමිති 300ක පමණ සහය හිමිවන බවයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ.

මේ අතර අසනීප නිවාඩු වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව අද පෙරවරු 10ට ප්‍රධාන නගරවල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක බව එම වෘත්තිය සමිති එකමුතුව පැවසුවා.

READ:   සජබ විරෝධතාකරුවන්ට අධිකරණයෙන් තවත් නියෝගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්