දේශීය

කල් ගිය පාර්ලිමේන්තුව ඊයේ කාලා දැම්ම මහජන මුදල් කන්ඳ

එකතු කළ අගය මත හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පැවති විවාදය අතරමග නතර කිරීමට කථානායකවරයා ඊයේ (10) තීරණය කළා.

ඒ විශේෂ දිනයක් ලෙස ඊයේ දිනයේ පාර්ලිමේන්තුව රැස්ව තිබියදී.

පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති වීමෙන් විවාදය අද දක්වා කල් තබන බවයි නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ.

ඒ අනුව එම විවාදය යළි අද දිනයේ ද පැවැත්වීමට නියමිතයි.

තම ගැටලු විසඳීමට මහජනයා විසින් පත් කර ගත් නියෝජිතයින්ට එක් දිනක් රැස්වීමට මහජන මුදලින් කෝටියකට ආසන්න මුදලක් වැය කරණු ලබයි.

ඒ වාහන, ඉන්ධන, දීමනා, වැටුප් සමගින් සියලු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, නිලධාරීන්, සෙසු නිලධාරීන්, ආරක්ෂක අංශ ,සේවකයින් ට දෛනිකව වැය කරන මහජන මුදල් කන්දරාවට අමතරවයි.

වැට් බදු සංශෝධනය පිළිබඳ කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර කෙටුම්පතට අනුව මෙතෙක් 15%ක්ව පැවති වැට් බද්ද 18% දක්වා ඉහළ යනු ඇති.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago