දේශීය

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැලැස්ම කලින්ම දැනුම් දීලා

පාස්කු ඉරුදින හෝ ඊට පෙර කතෝලික පල්ලි සහ හෝටල්වලට ප්‍රහාරයක් එල්ලවන බවට කලින් අවස්ථා 4 කදී බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබූ බව, ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇතැයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

සභානායකවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින්.

පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් අප්‍රේල් මාසයේ දින 4කදී බුද්ධි තොරතුරු 7ක් ලබා ඇති බවයි අමාත්‍යවරයා එහිදී හෙළිකර ඇත්තේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා ඒ බව වට්ස්ඇප් පණිවුඩ මගින් එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට පොලිස්පතිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට දැනුවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අමාත්‍යවරයා ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී කළ එම ප්‍රකාශය මව්බිම හා අද පුවත්පත් එලෙස වාර්තා කර තිබුණා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

2 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

2 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

5 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

6 days ago