file
කල්මුණේ ළමා නිවාසයක පරිවාස භාරයේ සිටි 14 හැවිරිදි පිරිමි දරුවෙකු මියයාමේ සිද්ධියට සැක පිට ඊයේ (03) අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පාලිකාව අද (04) යළි අධිකරණයට නියමිතයි.
පහනක් සහ සීනුවක් සොරකම් කළ බවට චෝදනා කරමින් මඩකලපුව – කොක්කුවිල් පොලිසිය විසින් 14 හැවිරිදි සිසුවෙකු පසුගිය නොවැම්බර් මස 16වනදා අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත් කර තිබුණා.
නොවැම්බර් මස 29 වන දින එම දරුවා මිය ගිය බවට දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා.
අනතුරුව සිදු කරනු ලැබූ මරණ පරීක්ෂණවලදී අනාවරණ වූ තිබුණේ, දරුවාගේ සිරුරේ තුවාල සහ තැලුම් පහරවල් තිබූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැෂ පිට අත්අඩංගුවට ගත් 28 හැවිරිදි ප්‍රධාන පාලිකාව පවසා ඇත්තේ, දරුවාගේ මුරණ්ඩුකම නතර කිරීමේ අරමුණින් එම පහරදීම සිදු කළ බවයි.
මිය ගිය දරුවාගේ පාදයක අගල් දෙකක් පමණ වන ගැඹුරු තුවාලයක් තිබූ බව ද ඔහුගේ පියා පවසා ඇති අතර ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයේ නිගමනය වී ඇත්තේ ආයුධයකින් පහරදීමක් ඇතිවූ තුවාල හේතුවෙන් දරුවා මියගොස් ඇති බවයි.
දරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (03) කොකුවිල් පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.
ඒ දරුවාගේ දේහය රැගෙන ඔහුගේ ඥාතින් ඇතුළු ප්‍රදේශවාසීන් කොකුවිල් පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිරතවීමෙන් අනතුරුව යි
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…