දේශීය

ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට අද සිට ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා – ඇමති මනූෂ වැඩේ අරඹයි

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ අද (01) සිට ආරම්භ වන බවත් ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයින් සඳහා නව ජපන් රැකියා අවස්ථා විවෘත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ජපානයේ සේවය කිරීමට කම්කරුවන් සඳහා වන නිශ්චිත පුහුණු පරීක්ෂණය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සඳහාද අද දින සිට මෙරටට හඳුන්වා දීම නිමිත්තෙන් මෙරට ජපාන තානාපති මිසුකෝෂි මහතා, ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ ඒම් හිල්මි මහතා සමඟ එක්ව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වු අවස්ථාවේදීය.

file

ඒ අනුව ඉකුත් වසරේ සිට දැනටමත් ක්‍රියාත්මක වන හෙද සත්කාර, ආහාර ක්ෂේත්‍රවල සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර හතරක නිපුණතා පරීක්ෂණ දැන්ටමත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ජපානය දශක ගණනාවක සිට අපේ රටට විශාල වශයෙන් සහය ලබාදුන්නා. විශේෂයෙන්ම අපි දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීලා රට බංකොලොත් භාවයට පත්වුන අවස්ථාවේදී අනෙකුත් රටවල් වලටත් නායකත්වයක් ලබාදෙමින් පැරිස් සමාජය ඇතුලේ වගේම අනිත් සෑම ස්ථානයකදීම ණයකරුවන් අතරේ සාකච්ඡා කිරීම් වලට නායකත්වය අරගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දැවන්ත දායකත්වයක් ලබාදුන්නා. ඒ අනුව ජපානය අපිට ලබා දුන්න සහයට ජපාන අග්‍රමාත්‍යවරයා ඇතුළු එරට සියලුම ජනතාවට ස්තූතිය පළකරනවා.

ජපානයේ පවතින රැකීරක්ෂා සම්බන්ධයෙන් බලන විට ජපානය විසින් අපිට සුවිශේෂි අවස්ථාවක් ලබාදෙනවා. ශ්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් ජපානයේ ජීවත්වෙනවා, ඒ වගේම රැකියා කරනවා. ඒ වගේම ජපානය අපිට අලුත් රැකියා අවස්ථා සඳහාද දොරටු විවරකර දී තියෙනවා. ඒ වගේම ඉදිරි වසර පහ ඇතුලතදී ජපානයේ විදේශ රටවල ශ්‍රමිකයින්ගේ අවශ්‍යතාවය තුල ලක්ෂ හතලිස් පන් දහසක් දක්වා ඉහළ ගොස් තියෙනවා.

අනාගතය ගැන සලකා බලන විට මීටත් වඩා වැඩි රැකියා ප්‍රමාණයක් ජපානය තුල විවෘත වෙන්න පුළුවන්. ජපානයත් ශ්‍රී ලංකාවත් අතර මිතු දම ඉතා ශක්තිමත්. ඒ නිසාම ජපානය විසින් විශාල වශයෙන් මෙරට ශ්‍රමිකයින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටිනවා.
ඒ අනුව ජපාන රැකියා ඉලක්ක කරගනිමින් පාසල් විෂය මාලාවට ජපන් භාෂාව ඉගැන්වීම සඳහා අවශ්‍ය මූලික කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ගුරුවරු පුහුණු කිරීම් කටයුතු සිදුකරමින් පවතිනවා. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් ජපන් භාෂාව ඉගැන්වීමට අදාලව දීප ව්‍යාප්ත වැඩසටහනක් දියත්කර තිබෙනවා.

මේ අතර ජපන් භාෂා පුහුණු කිරීමේ ආයතන වලට ගාස්තු ගෙවීම් වගේම බාහිර ආයතනයකින් ජපන් භාෂාව ඉගෙන ගෙන විදේශගත වන අවස්ථාවකදී එම මුදල් ප්‍රති පූර්ණය කිරීම වගේ කටයුතු හරහා ජපන් භාෂාව ඉගෙන ගැනීම තවදුරටත් ශක්තිමත් කරන්න කටයුතු කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය නායකත්වය විදේශ සේවා නියුක්තා කාර්යාංශය විසින් ලබාදෙනවා.

ඒ වගේම ඉහළ වැටුප් ලබා ගැනීමේ හැකියාව තියෙන එස්.එස්.ඩබ්ලිව් කියන කාණ්ඩය ඔස්සේ දැනට රැකියා විවෘත වෙලා තියෙන්නේ සාත්තු සේවක, කෘෂි, ආහාර සැකසුම් කියන ක්ෂේත්‍ර වලට විතරයි. මේ නිසාම අපි එම ක්ෂේත්‍ර වලට අමතරව ඉදිකිරීම්, ගොඩනැගිලි පිරිසිඳු කිරීම, ඔටෝ මොබයිල් කියන ක්ෂේත්‍ර වලටත් එස්.එස්.ඩබ්ලිව් ක්‍රමවේදය විවෘත කරගැනීමට අදාල ඉල්ලීම් කීපයක්ම ඉදිරිපත් කළා.

ඒ අනුව පසුගිය කාලයේදී අපි ජපානයේ කෘෂිකර්ම, සෞඛ්‍ය, අධිකරණ අමාත්‍යවරුන් ඇතුළු මේ විෂයන්ට අදාල සියලුම අමාත්‍යවරුන් මුණගැසී ඉල්ලීම් කලා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද අපිට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට විශේෂ පණිවුඩයක් ලබාදීමට හැකියාව ලැබී තියෙනවා. ඒ තමයි අද දවසේ සිට ඉදි කිරීම් ක්ෂේත්‍රය සඳහාත් එස්.එස්.ඩබ්ලිව් කියන කාණ්ඩය යටතේ ශ්‍රී ලංකික තරුණ තරුණියන්ට ජපානයට යෑමට අවස්ථාව හිමිවෙන මූලික විභාග කටයුතු ආරම්භ වෙනවා.

ජපන් භාෂා හැකියාවක් තියෙන, ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසට මේ විභාගයට මුහුණ දීලා ජපානයට එස්.එස්.ඩබ්ලිව් කාණ්ඩය ඔස්සේ යන්න හැකියාව ලැබෙනවා.

file

මෙහිදී සඳහන් කළයුතුම කාරණය වන්නේ, අපි පුහුණ වන්නන් විදිහට කණ්ඩායමක් යනවා. ඊට අමතරව එස්.එස්.ඩබ්ලිව් කාණ්ඩය යටතේ අපි විශේෂිත පුහුණුවක් සහිතවයි ශ්‍රී ලංකිකයින් යොමු කිරීම සිදු කරන්නේ. එහිදී එස්.එස්.ඩබ්ලිව් කාණ්ඩය යටතේ විදේශ ගත වන ශ්‍රමිකයින් හට තමන් රැකියාව කරන ක්ෂේත්‍රයේ තුලදී ජපානයේ ශ්‍රමිකයන්ට සමාන වැටුපක් ලබා ගන්නත් අවස්ථාව හිමිවෙනවා.

ඒ අනුව අද දිනයේ සිට මධ්‍යස්ථාන හතරක මෙම විභාග පැවැත්වීම සිදුවෙනවා. එහිදී එම් 4 විභාගය සමත් අයට මෙම විභාගය මුහුණ දීමට අවස්ථාව හිමිවෙනවා.

ඇත්තටම තවත් අවුරුදු දහයක් ගත වෙද්දී ජපානයේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා තවත් විශාල ප්‍රමාණයක් විවෘත වීමට නියමිතයි. ඒකට මූලිකම හේතුව දැනට ජපානයේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ සිටින විශාල පිරිසක් තව අවුරුදු දහයකින් විශ්‍රාම යෑමට නියමිත වීමයි. ඒ වගේම ජපානය තුල ශ්‍රමිකයින්ගේ විශාල හිඟයක් තියෙනවා.

මේ නිසා දැන් ඉදලම ජපන් භාෂාව ඉගෙන ගෙන සූදානම් වෙනවා නම් විශාල අවස්ථා ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව හිමිවේවී.

ඒ වගේම අනෙකුත් රැකියා ක්ෂේත්‍ර වලට එස්.එස්.ඩබ්ලිව් කාණ්ඩය ඔස්සේ රැකියා අවස්ථා විවෘත කරගැනීමට ජපන් රජයට ඉල්ලීම් කළා වගේ අද දවසේද මෙරට ජපාන තානාපතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා.

ජයිකා ආයතනය ජපන් භාෂාව පුහුණ කිරීම වෙනුවෙන් සුවිශේෂ ශක්තියක් ලබාදීමට ඉදිරිපත් වී තිබෙනවා. ජපානය හොඳ මිිතුරෙක් විදිහට අපි අමාරුවේ වැටුන වෙලාවේ අපෙන් වාසියක් බලාපොරොත්තු වෙන්නේ නැතිව මේ ගෝලීය භූ දේශපාලන තත්ත්වය ඇතුලේ අපිව තලන්නේ පෙලන්නේ නැතිව සහය ලබා දීම ගැන බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා.

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුවට මෙන්ම ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමට මෙය ඉතාමත් හොද අවස්ථාවක් වන බැවින් ජපානයේ සේවය කිරීමට හැකි දක්ෂ ශ්‍රී ලාංකිකයින් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගනු ඇතැයි තානාපති මිසුකෝෂි මහතා අදහස් දක්වමින් පැවසුවේය. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව එස්.එස්.ඩබ්ලිව් සදහා වූ පරීක්ෂණ ආරම්භවීමත් සමග ජපන් භාෂාව ඉගෙනීමට ඇති උනන්දුව සීග්‍රයෙන් ව්‍යාප්තවීම පිළිබදව ඔහු අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාවේ ජපන් භාෂා අධ්‍යාපනයට සහාය දැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ද පැහැදිළි කළේය.

file

තවද ලංකාවේ ජනතාවට සහායවීමට සහ ශ්‍රී ලංකාව සමග ජපනායේ ඇති දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් පුළුල් කිරීමට ජපන් රජයේ ඇති දැඩි කැපවීමද ඔහු මෙහිදී යළිත් අවධාරණය කළේය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් මහතා, ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත Yamada Tetsuya යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

file
file

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

23 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago