දේශීය

ඇන්ටිබයොටික් (ප්‍රතිජීවක) බෙදාගෙන බොන්න එපා!

ඇන්ටිබයොටික් (ප්‍රතිජීවක) බෙහෙත් වෛද්‍ය අනුමැතියකින් තොරවත් අධිකවත් භාවිතය නිසා, ඒවාට ඇති බැක්ටීරියා ආසාදන වලින් අප ආරක්ෂා කිරීමේ හැකියාව වේගයෙන් පහළ යමින් පවතින බව ඔබ දන්නවා ද? වැරදි භාවිතය නිසා රෝගකාරක බැක්ටීරියා විසින් දැනට අප සතු ප්‍රබලම ප්‍රතිජීවක ඔසුවලට පවා ඔරොත්තු දීමේ හැකියාව ලබාගනිමින් වේගයෙන් පරිණාමය වෙමින් සිටී. දැනටමත් මේ නිසා වසරකට අපට අහිමි වන මිනිස් ජීවිත ගණන මිලියන ගනනකි.

අපේත් , අනාගත පරපුරේත් ජීවිතාරක්ෂාව වෙනුවන් අදම ක්‍රියාත්මක වෙමු. පහත සියලු උපදෙස් නොවරදවාම අනුගමනය කරමු.

1. සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව කිසිම අවස්ථාවක හිතුමනාපයේ ඇන්ටිබයොටික් (ප්‍රතිජීවක) ගන්න එපා.

2. නියමිත කාල සීමාවම, නියමිත මාත්‍රාව, නියමිත වේලාවටම වෛද්‍ය නිර්දේශය අනුව ප්‍රතිජීවක ලබාගන්න.

3. ඔබට ලබාදුන් ප්‍රතිජීවක ඔසුවක්, වෛද්‍ය නිර්දේශයකින් තොරව වෙනත් අයෙකු සමග බෙදා ගන්න එපා.

4. භාවිතා කර ඉතිරි වූ ප්‍රතිජීවක ඔසු , නැවත නැවත භාවිතා කරන්න එපා.

:සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

file

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

15 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

15 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago