ඇන්ටිබයොටික් (ප්‍රතිජීවක) බෙහෙත් වෛද්‍ය අනුමැතියකින් තොරවත් අධිකවත් භාවිතය නිසා, ඒවාට ඇති බැක්ටීරියා ආසාදන වලින් අප ආරක්ෂා කිරීමේ හැකියාව වේගයෙන් පහළ යමින් පවතින බව ඔබ දන්නවා ද? වැරදි භාවිතය නිසා රෝගකාරක බැක්ටීරියා විසින් දැනට අප සතු ප්‍රබලම ප්‍රතිජීවක ඔසුවලට පවා ඔරොත්තු දීමේ හැකියාව ලබාගනිමින් වේගයෙන් පරිණාමය වෙමින් සිටී. දැනටමත් මේ නිසා වසරකට අපට අහිමි වන මිනිස් ජීවිත ගණන මිලියන ගනනකි.
අපේත් , අනාගත පරපුරේත් ජීවිතාරක්ෂාව වෙනුවන් අදම ක්‍රියාත්මක වෙමු. පහත සියලු උපදෙස් නොවරදවාම අනුගමනය කරමු.
1. සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව කිසිම අවස්ථාවක හිතුමනාපයේ ඇන්ටිබයොටික් (ප්‍රතිජීවක) ගන්න එපා.
2. නියමිත කාල සීමාවම, නියමිත මාත්‍රාව, නියමිත වේලාවටම වෛද්‍ය නිර්දේශය අනුව ප්‍රතිජීවක ලබාගන්න.
3. ඔබට ලබාදුන් ප්‍රතිජීවක ඔසුවක්, වෛද්‍ය නිර්දේශයකින් තොරව වෙනත් අයෙකු සමග බෙදා ගන්න එපා.
4. භාවිතා කර ඉතිරි වූ ප්‍රතිජීවක ඔසු , නැවත නැවත භාවිතා කරන්න එපා.
:සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය



