දේශීය

කැබිනට් මණ්ඩලේ ඉන්න 30ට කතා කරන්න නිදහස තැන්තම් මිලියන 22කගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොන කතාද? – රාසමාණික්කම්

කැබිනට් අමාත්‍යවරයා ද අද කතා කිරීමට නිදහස නැති පුද්ගලයෙකු බවට පත්ව ඇති බව ෂානක්කියන් රාසමාණික්කම් මහතා පවසනවා.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාවට කතා කිරීමේ අයිතිය,භාෂනයේ නිදහස හා මාධ්‍ය නිදහස ගැන කතා කිරීමේ දී එය හාස්‍ය ජනක තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙරට මිලියන 22 ජනතාවකට සිටින කැබිනට් ඇමතිවරු 30ට කතා කිරීමේ නිදහස නැතිනම් අනෙක් මිනිසුන්ගේ එම නිදහස ගැන කතා කළ නොහැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටිනවා.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රතිපත්තිය කෙසේ වුවත් මෙරට සිටින කැබිනට් ඇමතිවරයෙකු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් නිසා අමාත්‍ය ධුරය අහිමිවීම යනු කැබිනට් මණ්ඩලය තුළ කතා කිරීමේ නිදහස නැති බව තහවුරුවීමක් බව රාසමාණික්කම් මහතා පවසනවා.

අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago