file
නායයෑමේ අවදානම හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක් අවදානමට පත්ව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව එම මාර්ගවල ගමන්කිරීමේ දී විමසිලිමත් වන ලෙස එම සංවිධානය රියදුරන්ට හා ජනතාවට දැනුම්දෙනවා.
කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය, වැලිමඩ – බදුල්ල ප්‍රධාන මාර්ගය, ඇල්ල – පස්සර මාර්ගය, ලුණුගල මාර්ගය ඒ අතර ප්‍රධාන වන බව එම සංවිධානය පෙන්වා දෙනවා.
අධික වර්ෂාවත් සමග පසුගිය දිනවල එම මාර්වල නායයෑම් කිහිපයක් වාර්තා වූ අතර එම ස්ථාන යථාතත්වයට පත්කරමින් පැවතියත් යළි එම මාර්ගවල නායයෑම් ඇතිවිය හැකි බවත් එම ප්‍රදේශවලට නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බවත් සඳහන්.
මේ අතර මහනුවර, පේරාදෙණිය ගුහාගොඩ හරහා කටුගස්තොට මාර්ගය දැඩි අවදානම් මාර්ගයක් බවට නම් කර තිබෙනවා.
ඒ හේතුවෙන් වර්ෂාව සහිත අවස්තවන්හිදි මෙම මර්ගය භාවිතා කිරීමේදි දැඩි සැලකිල්ලෙන් භාවිතා කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙනවා.
ඒ එම මාර්ගයට නිතර ගල් හා පස් කඳු කඩා වැටීම හේතුවෙන්.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…