දේශීය

අදත් කාලගුණය දරුණුවෙයි?

අද (23) දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඊයේ (22) දිවයිනේ ප්‍රදේශ රැසකින් ගල් පෙරළීම්, පස් කඳු නායයෑම් මාර්ගයන් අවහිරවීම් රැසක් වාර්තා වුණා.

මේ අතර බදුල්ල හාලිඇල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්ඳක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබුණා.

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් දිවුලපිටිය,මීරිගම, අත්කනගල්ල, මහර,ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉහළ යාමෙන් මුලටියන සහ කඹුරුපිටිය පහත් බිම්වලට ගංවතුර අවධානමක් ඇතිවුණා.

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය බලංගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් නායයෑම හේතුවෙන් අවහිර වූ අතර තවත් මාර්ග රැසක ගමනාගමනයට ඊයේ දිනයේ බාධා මතුව තිබුණා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

13 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago