ඉන්දීය කණ්ඩායමේ විස්සයි විස්ස නායකත්වය වෙනස් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ තරග 5කින් සමන්විත නොවැම්බර් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා.
ඒ අනුව ලෝකශූර ඕස්ට්‍රේලියාව ට එරෙහි එම තරගාවලියේ නායකත්වය සූර්ය කුමාර් යාදේව් ට ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ හර්දික් පාන්ඩ්‍යා අබාධයකට ලක්වීම හේතුවෙන් බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.
මෙම තරගාවලිය නොවැම්බර් 23 වනදා විශාකාපට්නම්හිදී ආරම්භ වීමට නියමිතයි.


