දේශීය

නිමක් නැති ගැටුමක්, අලි ප්‍රශ්නයක් බවට පත්වූ වාහල්කඩ ජනතාවගේ ජනජීවිත කබලෙන් ලිපට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වාහල්කඩ D1 , D2 ඇතුළු ඒ අවට ගම්මාන රැසක පසුගිය මාස දෙකකට ආසන්න කාලයක් ඇතුලත නිවාස 40 කට ආසන්න ප්‍රමානයක් වන අලි බිද දමා එහි තිබු වී අස්වනු කා දමා තිබේ.

හොරොව්පොතන වනජීවී කලාපයට අයත් වාහල්කඩ ප්‍රදේශයේ පසුගිය මාස දෙක පුරාවට රාත්‍රීයේ ගම්මානයට කඩාවැදුණු වන අලි ප්‍රදේශයේ ගොවියන් වගාකළ තිබූ කොසෙල්,අඹ,මඤ්ඤොක්කා,පොල් වැනි වගාවන් හා ගොඩබෝග වගා රැසක් වන අලි විනාශ කර තිබේ.

වාහල්කඩ යාංඔය රක්ෂිතයේ සිට ගම්වදින වන අලි හේතුවෙන් කිසිදු වගවක් කර ගත නොහැකි තරමටම වාහල්කඩ D2 හා ඒ අවට ගම්මාන රැසක ජනතාව දැඩි පිඩාවකට පත්ව ඇති බව එහි ගිය අපට දක්නට ලැබිනී.

මෙලෙස මාස ගණනාවක සිට ගම්වදින වන අලි පොල් අඹ කෙසෙල් වගා භූමි අක්කර ගනනාවක් හා නිවාස 40 කට ආසන්න ප්‍රමානයක් අවස්තා කිහිපයකදී විනාශ කොට ඇති අතර ඊයේ රාත්‍රීයේ ද, මෙම ගම්මානවලට කඩා වැදුණු වන අලි මෙම ගම්මානවල ගොවි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වු කෙසෙල් අඹ,මඤ්ඤොක්කා,පොල් ඇතුළු බෝග රැසක් විනාශ කර තිබීම හේතුවෙන් තම ජන ජීවිතයට මරු පහරක් එල්ල වන බව රටේ පවතින ආර්ථික අතින් පීඩාවට පත් ගම්වාසීන් පෙන්වා දෙයි.

ආර්ථික අතින් දැඩි පීඩාවකට පත්ව සිටින මෙම ගම්මානවල ගොවිජනතාව පෙන්වා දෙන්නේ අත කන උකසට තබා රජය හා රාජය නොවන මුල්‍ය අයතන මගින් උගසට හෝ ණය ට මුදල් ලබාගෙන සිදු කරනු ලබන මෙවැනි වගාවන් තම ප්‍රධාන ආදායම් මාර්ගය වීමත් වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් තමන්ට නොමැති බවත් මෙවැනි වගාවන් වලින් උපයන ධනය තම දෛනික ජීවිතය ගෙවා දැමීමට භාවිතා කළ බවයි.

මෙලෙස දිනෙන් දින වනා අලි වගාවන් විනාශ කිරීම හේතුවෙනි මින් ඉදිරියට ආදායම් මාර්ග නොමැතිව තම දෛනික ජීවිතය ගෙවා දැමීමට නොහැකි තරමින් අසරණ තාවයට පත් ව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර ගොවින් පෙන්වා දෙන්නේ වෙළෙඳ පොල තුල කෘෂි රසායනික යහමින් නොමැති පසු බීමක් තුල අධික මුදල් යොදවමින් අව්ව වැස්ස නොතකා රැයක් දහවලක් නොමැතිව දරන වෙහෙසෙහි ප්‍රතිඵල ඉතා ඉක්මනින්ම වතුරේ යන බවයි.

දිනෙන් දින අලි මිනිස් ගැටුම උග්‍ර වීම හේතුවෙන් පීඩාවෙන් පීඩාවට පත් මෙම ප්‍රදේශ වල ජනතාව මීට වගකිවයුතු බළදාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම වන අලි ගැටලුව සම්බන්ධව විසදුමක් ලබාදෙන ලෙසයි.

Recent Posts

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 day ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 day ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

1 day ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

3 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

3 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

1 week ago