දේශීය

ආර්ථික අර්බුදය එක අයවැයකින් විසඳන්න බෑ – ජනපති අවධාරණය කරයි

මෙරටට ආර්ථික අර්බුදය එක අයවැයකින් විසඳිය නොහැකි බවත් අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පළමුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම මඟින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැති 2024 අයවැය කතිකාව වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

තමන් පළමුවෙන්ම ආර්ථිකය ස්ථාවර කර යළි ගොඩනැගීම කළ බවත් එය අයවැයකින් සිදු කළ නොහැකි දෙයක් බවත් ජනාධිපතිවරයා වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව පළමු පියවර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලබා ගැනීම, දෙවන පියවර පසුගිය අයවැය වූ බවත් ජනාධිපතිවරයා පවසනවා.

ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් නොව නව අයවැය තුළින් අලුත් ආර්ථිකයක් ගොඩනැගීමට ද බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

7 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago