file
මෙරටට ආර්ථික අර්බුදය එක අයවැයකින් විසඳිය නොහැකි බවත් අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පළමුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම මඟින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැති 2024 අයවැය කතිකාව වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
තමන් පළමුවෙන්ම ආර්ථිකය ස්ථාවර කර යළි ගොඩනැගීම කළ බවත් එය අයවැයකින් සිදු කළ නොහැකි දෙයක් බවත් ජනාධිපතිවරයා වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව පළමු පියවර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලබා ගැනීම, දෙවන පියවර පසුගිය අයවැය වූ බවත් ජනාධිපතිවරයා පවසනවා.
ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් නොව නව අයවැය තුළින් අලුත් ආර්ථිකයක් ගොඩනැගීමට ද බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…