ක්‍රීඩා

ඉන්දියාවෙන් දැවැත්ත ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 397ක් රැස් කළා.

එහිදී ඉන්දියාව වෙනුවෙන් Virat Kohli සහ S.Iyer ශතක රැස් කළා.

එක්දින පිටියේ සිය 50 වන ශතකය රැස් කරමින් විරාත් කෝලි එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ශතක ලාභියා බවට අද පත්වුණා.

ඒ එම ස්ථානය හිමිකර ගෙන සිටි ඉන්දීය හිටපු ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් පසුකරමින්.

ඒ අනුව කෝලි පන්දු 113කින් ලකුණු 117ක් රැස් කළා. ඊට හතරේ පහර 9ක් සහ හයේ පහරවල් 2ක් ද ඇතුළත්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ S. Iyer පන්දු 70කින් ලකුණු 105ක් ලබා ගත්තා.

ඒ දැවැන්ත හයේ පහරවල් 8ක් සහ හතරේ පහර 4ක් ද සමගින්.

Shubman Gill ලකුණු 80ක් ලබා සිටියදී ආබාධක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

පන්දු යැවීමේදී Tim Southee කඩුලු 03ක් බිඳ දැමුවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago