Sunday, April 19, 2026
Homeක්‍රීඩානවසීලන්තය පරදා ඉන්දියාව ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

නවසීලන්තය පරදා ඉන්දියාව ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ නවසීලන්තයට එරෙහි තරගය ලකුණු 70කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ අනුව ඉන්දියාව මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් හිමි කර ගත්තා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 397ක් රැස් කළා.

Virat Kohli ලකුණු 117 (113) යි. S.Iyer ලකුණු 105 (70) ක් ලබා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 398ක ඉලක්කයක් හබා ගිය නවසීලන්තය පන්දුවාර 48යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 327ක් පමණයි.

නවසීලන්තය වෙනුවෙන් Daryl Mitchell පන්දු 119කින් ලකුණු 134ක් රැස් කළා.

ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 7ක් ඇතුළත්.

kane Williamson ලකුණු 69 (73) යි. Glenn Phillips ලකුණු 41 (33) යි.

ඉන්දියාව ජයග්‍රාහණය කරා ගෙන යමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Mohammed Shami ලකුණු 57ට කඩුලු 7ක් බිඳ දැමුවා.

READ:   ලෝක ශූර කැන්ගරුවන්ට එරෙහිව වසර 27කට පසු කොදෙව්වන්ට ජය ගෙනා, හිටපු ආරක්ෂක නිලධාරි නවක ක්‍රිකට් තරුව - ශමාර් ජෝෂප්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්