Sunday, April 19, 2026
Homeදේශීයනව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළ විශේෂඥ කමිටු වාර්තාව ජනපති අතට

නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළ විශේෂඥ කමිටු වාර්තාව ජනපති අතට

පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා.

මෙම වාර්තාව ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ ආශ්‍රයෙන් විධිමත් කෙටුම්පතක් සම්පාදනය කර නව ක්‍රීඩා පනතක් සම්මතකර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු ගැන ජනාධිපතිවරයා ඊයේ (09) අදහස් දක්වා තිබුණා.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ පැලැස්තර විසඳුම් වෙනුවට නව නීති සම්පාදනය කළ යුතු බවයි.

READ:   කතානායකවරයාගෙන් පොලිසීයට පැමිණිල්ලක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්