දේශීය

BREAKING NEWS: ක්‍රිකට් එකේ ඩොලර් මිලි: 2ක් ලංකා බැංකුවෙන් ඇදීමේ උත්සහය ක්‍රීඩා ඇමති හෙළිකරයි.

මෙරට ක්‍රිකට් පාලකයන් එම ආයතනයේ බැංකුගතව තබා තිබූ මුදල් ප්‍රමාණයක් ඉන් ඉවතට ගැනීමට සූදානම් වූ බව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව හමුවේ ක්‍රීඩා අමාත්‍යවරයා අනාවරණ කළා.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ හෙලි කරන්නේ එම මුදල ඩොලර් මිලියන දෙකක් බවයි.

ලංකා බැංකුවේ තැන්පත් කර තිබූ මූල්‍ය ඉතුරුමක් එසේ නැවත ගැනීමේ උත්සහය කර ඇත්තේ ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක මණ්ඩලයක් නොසිතූ මොහොතක පත් කර පරිපාලනය සම්බන්ධ අස්ථාවරත්වයක් පැන නැගී ඇති පසුබිමකයි.

ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ මෙම සිද්ධි දාමයේදී වැදගත් වන එක් පුද්ගලයෙකු
මේ වන විට රටින් පැන ගොස් ඇති බවයි.

තමන්ට ලැබුණු තොරතුරක් අනුව ‌මේ සිද්ධිය දැන ගන්නට ලැබුණු බවත් මේ පිළිබදව තමන්ටද
කිසිත් නොකළ හැකි බව ක්‍රීඩා අමාත්‍ය වරයා වැඩි දුරටත් පැවසුවා.

නීති පති වරයාටද මේ ගැන කීමෙන් පළක් නොමැති බව අමාත්‍යවරයා පවසනවා.

file

Recent Posts

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

12 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

12 hours ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

15 hours ago

හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…

16 hours ago

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

4 days ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

5 days ago