මෙරට ක්‍රිකට් පාලකයන් එම ආයතනයේ බැංකුගතව තබා තිබූ මුදල් ප්‍රමාණයක් ඉන් ඉවතට ගැනීමට සූදානම් වූ බව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව හමුවේ ක්‍රීඩා අමාත්‍යවරයා අනාවරණ කළා.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ හෙලි කරන්නේ එම මුදල ඩොලර් මිලියන දෙකක් බවයි.
ලංකා බැංකුවේ තැන්පත් කර තිබූ මූල්‍ය ඉතුරුමක් එසේ නැවත ගැනීමේ උත්සහය කර ඇත්තේ ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක මණ්ඩලයක් නොසිතූ මොහොතක පත් කර පරිපාලනය සම්බන්ධ අස්ථාවරත්වයක් පැන නැගී ඇති පසුබිමකයි.
ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ මෙම සිද්ධි දාමයේදී වැදගත් වන එක් පුද්ගලයෙකු
මේ වන විට රටින් පැන ගොස් ඇති බවයි.
තමන්ට ලැබුණු තොරතුරක් අනුව මේ සිද්ධිය දැන ගන්නට ලැබුණු බවත් මේ පිළිබදව තමන්ටද
කිසිත් නොකළ හැකි බව ක්‍රීඩා අමාත්‍ය වරයා වැඩි දුරටත් පැවසුවා.
නීති පති වරයාටද මේ ගැන කීමෙන් පළක් නොමැති බව අමාත්‍යවරයා පවසනවා.


