සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රිකට් ලෝලීන් ගැන සිතා සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනය ඉල්ලා අස්විය යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
දීර්ඝ නිවේදනයක් කරමින් ඒ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිළිබද සියලු වගකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා තේරීම් කමිටුවට භාර ගත යුතු බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රාහණය කළ හැකි ක්‍රීඩකයින් සිටිය ද ඔවුන්ට අත්‍යවශ්‍ය පහසුකම් හෝ ලබා නොදී ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් විධායක කමිටුව විසින් පෞද්ගලික කටයුතු සඳහා යොදවන බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර සිටිනවා.
දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා අදාළ නිලධාරීන් වහා ඉල්ලා අස්විය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ.
එම නිවේදනය පහතන්.




