Tuesday, April 21, 2026
Homeදේශීයදර කැඩීමට රක්ෂිතයට ගිය පුද්ගලයෙක් අතුරුදහන්

දර කැඩීමට රක්ෂිතයට ගිය පුද්ගලයෙක් අතුරුදහන්

නුවරඑළිය, හවාඑළිය ගාඩ් වත්ත රක්ෂිතයේ දර සේවීම සඳහා ගිය පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා.

එම පුද්ගලයාට පෙරේදා (20) සවස දර සෙවීම සඳහා එම රක්ෂිතයට ඇතුළුව තිබේ.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ වයස අවුරුදු 49 ක්වූ හාවාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය, යුධ හමුදාව හා ප්‍රදේශවාසින් එක්ව ඊයේ (21) පුද්ගලයා සොයා රක්ෂිතය තුළ මෙහෙයුමක් දියත් කළ බව පොලිසිය පවසනවා.

එහිදී අතුරුදහන් වූ පුද්ගලයාගේ යැයි සැකකරන පාවහන් යුගලයක් හා කබායක් රක්ෂිතය මැද තිබී හමුව ඇත.

අතුරුදහන් වූ පුද්ගලයා සොයා නිළ සුනඛයන්ගේ සහය ඇතිව තවදුරටත් සොදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

READ:   සමිත දුලාන්ගෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්