දේශීය

අය වැය විවාදය නොවැම්බර් 13 සිට

මෙවර අය වැය කතා ජනාධිපතිවරයා විසින් මේ මස 13 වැනිදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අනුව පාර්ලිමේන්තුව නොවැම්බර් 7 වැනිදා රැස්වෙන අතර අය වැය විවාදය 13 වැනිදා සිට දෙසැම්බර් 13 දක්වා පැවැත් වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 13 වැනි සදුදා ප.ව 12.00 ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මහලේකම්වරිය පැවසුවා.
2023 ඔක්තෝබර් මස 19 වැනි දින කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් එකඟත්වය පළවී වුණා.
මේ අනුව 2023 නොවැම්බර් මස 07 වැනි අගහරුවාදා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. පෙ.ව. 10.30 ට දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත
කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත අතර පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ගැනීමට නියමිතව තිබේ.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා (ප්‍රශ්න දෙකක්) කාලය වෙන් කර ඇත.

2023 නොවැම්බර් මස 08 වැනි බදාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 08යි) සදහා කාලය වෙන් කර ඇති අතර පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා
අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සදහා කාලය වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ගැනීමට නියමිතය.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.


2023 නොවැම්බර් මස 09 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසීමෙන් අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව
පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබේ.

අනතුරුව 2023 මුදල් වර්ෂය සදහා රු. බිලියන 231.5 කට අදාළව අනුමතිය ලබා ගැනීම සදහා අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකක්) සදහා කාලය වෙන් කර ඇත.2023 නොවැම්බර් මස 10 වැනි සිකුරාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිතය. අනතුරුව

අනතුරුව 2023 මුදල් වර්ෂය සදහා රු. බිලියන 231.5 කට අදාළව අනුමතිය ලබා ගැනීම සදහා අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකක්) සදහා කාලය වෙන් කර ඇත.2023 නොවැම්බර් මස 10 වැනි සිකුරාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිතය.

අනතුරුව‍ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) සහ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීමට නියමිතව ඇත.අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම්පත දෙවැනිවර
කියවීමේ විවාදය පැවැත්වීමට ද තීරණය වී ඇත. විවාදයෙන් අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.

අයවැය විවාදය

ඉන්පසු එළඹෙන නොවැම්බර් 13 වැනි සදුදා ප.ව 12.00 ට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අනතුරුව නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව මහලේකම්වරිය පැවසුවාය.එසේම අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අගහරුවාදා දා ප.ව 6.00ට
පැවැත්වීමට නියමිතව ඇත. අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19 ක් පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබේ. මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සදහා වන
අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා ප.ව 6.00 ට පැවැත්වීමට නියමිතය.
අයවැය විවාද කාල සීමාව තුළ සෑම දිනකම පෙ.ව 9.30 සිට ප.ව 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අ‍න්සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.

Recent Posts

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

6 days ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

6 days ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

6 days ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

6 days ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…

1 week ago

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

2 weeks ago