දේශීය

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 30 වන තරගය අද (30) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙනවා.

ඒ ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට කණ්ඩායම් දෙකටම අද තරගය ජය ගැනීම අතිශය වැදගත් වෙනවා.

සහභාගී වූ තරග 5න් 2ක් ජය ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු සටහනේ 5වන ස්ථානයේ රැදී සිටින අතර 7වන ස්ථානයේ රැදී සිටින්නේ ඇෆ්ගනිස්ථානය යි.

මේ අතර අබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවට දුශ්මන්ත චමීර සංචිතයට ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තාක්ෂණය කමිටුවේ අනුමැතිය හිමි ව තිබෙනවා.

ඒ අනුව අබාධයට ලක්වූ ලහිරු කුමාර වෙනුවට දුශ්මන්ත චමීර ආදේශ කිරීමට හැකියාව පවතිනවා.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

12 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 day ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 day ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago